නිරුත්තර…. අඩවිය

සමහර දෙවල් වලට මිනිස්සුන්ට උත්තර නැති වෙනවා….

මුල සිඳගත් බෞද්ධයින්..

leave a comment »

අද අප සමාජයේ බහුතරයක් බෞද්ධයින්ය. මේ අතර දෙමළ ,මුස්ලින් , බර්ග් ජන කොටස්ද ඇත. බුදුන්ගෙ පිරිසිඳු දහම මෙරටේ මූලය යැයි කියනු ලැබේ. වෙසක් පොසොන් සමය වෙන විට බෞද්ධ ක්‍රියාකාරකම් බෙහෙවින් දක්නට ලැබේ. වෙසක් සැරසිලි , පුද පූජාවන් මේ සියල්ලම බුදුන්ට ආමිස පුජාවන් වශයෙන් පිලිගන්වනු ලැබේ. බොහො විට අගනුවර හා ප්‍රධාන තදාසන්න නගර මුලික කරගෙන මෙවැනි මහා පරිමාණ සැරසිලි සදහා ලක්ෂ ගනන් වැයකරනු ලැබේ. තරඟ පවත්වා එවායින් ජය ගන්න අය හට මුල්‍යමය තැගි හා වෙනත් දැ වලින් සංග්‍රහා කරනු දක්නට ඇත. තවද සමහර මිනිසුන් එක් රැස් වි බෞද්ධ සංගම් හා වෙනත් කුඩා කුඩා කණ්ඩායම සැදි තම තමුන්ගෙ මාර්ගය අනිත් උන් යන මගෙන් වෙන් කොට හුවා දැක් විමට උත්සහා දරයි. බෞද්ධ ධර්මය විකෘති කර විවිධ ක්‍රියාකරකම් වල නිරත වෙමින් තමන්ගෙ බෞද්ධකම වෙන ආකරයකින් බබළවා ගත හැකි ආකාරයට සමාජ ලංඡනයක් එල්ලා ගැනිමේ පුහුවැයමක් දක්නටද ලැබේ. මෙ අතර තවත් සමහරු බුදුරජානන් වහන්සේව තවත් වෙනත් ශාස්තෘවරුන් හට සමතැන් කිරිමට උත්සහා කරනු දක්නට ලැබේ. බුදුන්ගෙ කාලයෙ තිබුනෙ එකම බුද්ධ ශාසනයක් පමණි. නමුත් අද ථෙරවාදය තුලත් නිකායන් රැසකි. මේවා ඇති වුයෙ කෙසේද යන්නට වඩා මේවා අවශ්‍යද යන්න සිතා බැලිම වටි . දේවදත්තයා දුර්වලයින් කිපදෙනෙකු අල්ලන් දැමු සෙල්ලම්ද ටික කලයකින් අනතුරුව නැතිවුනි. අද බෞද්ධයාගෙ අරමුණ නිවන් දැකිම නොවේයි. ශාසනය තුල වසන මහ සඟ රුවනගෙද අරමුණ නිවන් දැකිම නොව වෙනත් වෙනත් අරමුණු ඔවුන් හට සමාජ ක්‍රමය විසින් බලෙන් පටවා අවසන් ය. බෞද්ධ උගත්තු , බෞද්ධ දෙශපාලකයොද, බෞද්ධ වෙලෙන්දොද තව දුරටත් බෞද්ධයින් නොවේ. කිසිවෙක් පවසන්නෙ නම් පංසලට ගොස් බුද්ධං සරණං ගච්චාමී කියු පමණින් බෞද්ධයෙක් වෙනවා යැයි කියා එය ඔහුගෙ හිතලුවක් පමණි. බෞද්ධයින් සියල්ල අද මුලාවට පත් වෙලා යන්න මා හට වැටහෙයි. කතොලික ඇත්තන් ගැන යමක් මෙහිදි යමක් කිව යුතුයි. සිංහල කතොලික ඇත්තන් සියල්ල කාලයකට පෙර බුදුන් සරණ ගිය ඇත්තන්ය. පෘතුගිසීන් ලංකාවට පැමිණිමට පෙර මෙරට කතොලික දහමක් ගැන මම අසා නැත්තෙමි. බුදු දහම තුල සිත නොමෙහෙයවමින් තණ්හා වැඩි කරගත් ඇත්තො තමාට ලැබෙන කාම බොගයන් ඉදිරියෙහි තමගෙ දහම වෙනස් කිරිම විණා කතොලික දහම බුදු දහමට වඩා ඉහල ස්ථරයන් ස්පර්ශ කරන්නා වු දහමක් නිසා නොවෙයි.

සුද්දන් මෙරටින් ගිය පසු මෙරට ඉතිරි වු කලුසුද්දන් මෙරටෙ පාලන බලය තමුන්ගෙ අණසක තුලට නතුකරගෙන රට කාලයත් සමග ඉදිරියට ගෙන ආවේය. මාගෙ දැක්මට අනුව තවමත් එසේමය.. මහින්ද රාජපක්ෂ මහතා තමන්ගෙ මාධ්‍ය තුලින් රටට කොතරම් සිහින පෙන් වුවත් තවමත් සුද්දන්ගෙ ගැටයන්ට අසුවි ඇත. බෞද්ධ ප්‍රතිපත්ති මත ඉද ගොඩනගනා සමාජ අර්ථික ක්‍රම බෞද්ධ උගත්තුන් ද විහිලුවට ලක් කරයි. වසර සිය ගණනක් තිස්සෙ බෞද්ධ හරයන්ට පහරදුන් සර්පයින් තවමත් මෙ රට වාසය කරයි. බෞද්ධයින්ම එ සර්පයින් තමාගෙ හිස මත තබාගෙන පුද පූජා පවත්වයි. පිහිට යදි. මිනිස්සුන් ඉවසීමෙන් ඈත්වී ක්ෂනික ප්‍රතිපලයන් අපෙක්ෂා කරයි. ඔවුනට පරලොවට වඩා මේලොව සැපසේ වාසය කිරිමට අවශ්‍යය. මේ අතර සමහරු බුදුන් ගෙ සමහර ධර්ම කොටස් විද්‍යාත්මක රාමුවකට ලඝුකොට හුවා දැක්විමේ වැයමක නිරතවෙයි. තර්කයට අනුව ගන්න තිරණ සැමවිටම නිවැරදි නොවන බව බුදු වදනින්ම ප්‍රකාශිතය. විද්‍යාව, ගණිතය තමාගෙ තිර්ණවල නිවැරදිතාවය පරික්ෂා කරමින් තම විෂය තවදුරටත් විකසනය කිරිමට උත්සහා දැරුවත් ඔහුන් කිසිදිනක පරිපුර්ණත්වයට ලඟා නොවෙනු ඇත. බුදුන් විසින් ප්‍රකාශකරන ලද විශාල දැනුම් සම්භාරය පිළිබද නිවැරදි අවබෝදයක් නොමැති අය අන් ආගම් සමග වාදයට පැටලෙමින් බුදු දහමේ මුලික හරයන්ද තමන් තුල නොමැති බව ලොවට පසක් කරවයි. බොහො බෞද්ධයින්ගෙ හදවත් තුල අද රජ කරනුයෙ බුද්ධ සිතුවිලි ප්‍රවාහයන් නොවෙයි. සුද්දන්ගෙන් ලැබුන පුහුගර්වය, තණ්හාව සමග තමුන් පමනක් යන මතයයි. පංසල තවදුරටත් බුදු දහම රසය මිනිසුන් හට කියා දෙන තැනක් නොවෙ. එය යම් යම් සේවාවන් ලබා දෙන තැනකි. බෞද්ධ හදවත් සමාජය තුල ඉතාම විරලය. ඔහුන් සමාජය තුල නිහඩව උපෙක්ෂාවෙන් වන සියල්ල බලා සිටිති. ඔහුන් අප අතර නැතුවාම නොවෙයි. බහුතරයක් බෞද්ධ ආචාර ධර්ම පද්ධතින් කියා ඇඟෙහි ලා සිටින්නෙ අතනින් මෙතනින් අහුලගත් දෑය. අපේ රට, අපේ ජාතිය නිවහල් රටක්, නිවහල් ජාතියක් යනුවෙන් ප්‍රකාශ කිරිමට මා හට නොහැකි වන්නෙ මෙ නිසාය.

මා මින් ඉදිරියටත් සමාජය තුල දකින්නා වු යම් යම් දෙ ප්‍රකාශ කරන්නෙමි. නිරුවත සළුපිළි වලින් වසාගෙන නිරුවතින් ඇවිදින මිනිසුන් දිහැ උපේක්ෂාත්මකව බලමු. අප තුල එවැනි දැ තිබෙද යන්න අපිම පසක් කරගමු.

Advertisements

Written by niruththara

03/06/2010 at 12:07

පළමු සටහන…

leave a comment »

මා මෙය නිර්මාණය කලෙ මා දකිනා ලොකය අනිත් මිනිසුන් හට දකින්නට සැලැස්විමටයි. මගෙ ඇසින් ලොකය දෙස බලන්න ඔබට පිළිතුරක් නොමැති වෙවී…

Written by niruththara

31/05/2010 at 16:48

Posted in Uncategorized

Hello world!

leave a comment »

Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!

Written by niruththara

29/05/2010 at 07:34

Posted in Uncategorized